අද කොවිඩ් මරණ 67ක්

Picture of අසංක

අසංක

තවත් කොවිඩ් මරණ 67ක් ඊයේ (31) සිදුවූ බවට අද තහවුරු වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (31) එම කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කිරීමත් සමගය.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 67න් 31 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 36දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.