ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය අනතුරු අඟවා සිටී .

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සහ පුද්ගල සංචරණයන් ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බව ඔවුන් පෙන්වාදෙ.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය පද්ධති අඩපන වීමේ අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කර ඇත

මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තය හේතුවෙන් පසුගිය සතියේ තුළ පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 04ක් පමණ වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේඩ්රෝස් ගේබ්රියේසස් සඳහන් කරයි.

මේ හේතුවෙන් ලොව පුරා සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව නුදුරේදීම මිලියන 200 සීමාව පසු කරනු ඇති බව ඔහු පෙන්වා දී ඇත.