24 පැයේ කොවිඩ් මධ්‍යස්ථානයක් දියත උයනටත් අද සිට

Picture of අසංක

අසංක

පැය 24 පුරා ක්‍රියාත්මක තවත් කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක් අද (02) සිට බත්තරමුල්ල – දියත උයන පරිශ්‍රයේද ක්‍රියාත්මක කර තිබේ.

බත්තරමුල්ල – දියත උයන පරිශ්‍රයේ පැවැත්වෙන එන්නත්කරණ මධ්‍යස්ථානය සතියට දින තුනක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව සඳුදා , අඟහරුවාදා සහ බදාදා දිනවල මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මේ වන විට පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන දෙකක් පවති.

මෙරට තුළ පළමු වරට ස්ථාපනය කරන ලද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයේදී ඊයේ (01) දිනය තුළ පමණක් එන්නත් මාත්‍රා 19,075 ක් ලබාදී තිබේ.

ඒ ඊයේ (01) උදෑසන 8.30 සිට අද (02) අලුයම 5.30 දක්වා කාලයේදී ය.

මෙම සතිය පුරා කොවිඩ් එන්නත් මධ්‍යස්ථානවල සිදුකරනුයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව අවශ්‍ය පුද්ගලයන්ගේ එන්නත් කිරීම පමණි.