එන්නත් මාත්‍රා දෙකම ගත් 9 දෙනෙකු , කොවිඩ් මාරයාට බිලිවේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට  පුද්ගලයින් 9දෙනෙකු මේ වනවිට කොවිඩ් රෝගය හේතුවෙන් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .

කෙසේ වෙතත් එන්නත්  මාත්‍රා දෙකම ලබාගෙන මියගිය නවදෙනාගේ වෙනත් සංකූලතාද මරණයට හේතු වී ඇති බව මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි ..

මේ අතර එන්නත් මාත්‍රාවක් පමණක්  ලබාගත් පුද්ගලයන් 40 දෙනකුද  කොවිඩ් ආසාදනය වී මේවනවිට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එසේම මෙතෙක් කොවිඩ් රෝගයෙන් මියගිය සෙසු  තුන්දහස් පන්සිය විසිහතරක (3524) පිරිසක් මෙතෙක්  එන්නත ලබානොගෙන සිටි පුද්ගලයින් බවද වාර්තාවේ . ඒ අනුව කොවිඩ් මරණ වලින් 70% ක  ප්‍රතිශතයක් , එන්නත ලබානොගත් පුද්ගලයින්වේ .