භූ කම්පනයක් – අනතුරක් නැතත් වෙරළ ජනතාව අවධානයෙන් ඉන්න

Picture of අසංක

අසංක

අන්දමන් දූපත් ආසන්නයේ අද පෙරවරුවේ හටගත් භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් සිදු නොවන නමුත් දිවයින වටා වෙරළ තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත් වන ලෙස බලධාරීහු උපදෙස් දෙති.

අද පෙරවරු 9.12ට රික්ටර් පරිමාණයේ 6.5 ක භූ කම්පනය සිදුව ඇත.‍

සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසන්නේ ඉදිරි නිවේදනය පිළිබද විමසිල්ලෙන් පසුවන ලෙසයි.

අන්දමන් දූපත් ආසන්නයේ අද පෙරවරුවේ භූ කම්පනය සිදුවූ ස්ථානය