ඉරානය නෞකාවක් පැහැරගනී ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ඕමාන් බොක්ක කලාපයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

නෞකාව පැහැරගත්තේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් නිශ්චිතව හෙළිවී නොමැති නමුත් ඉරාන හමුදා විසින් මෙම පැහැරගැනීම සිදු කරන්නට ඇති බවටද විවිධ පාර්ශ්ව සැක පළකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

MV Asphalt Princess නම් මෙම නෞකාවට ඉරානය දෙසට යාත්‍රා කරන ලෙස පැහැරගත් කණ්ඩායම විසින් නියෝග කර ඇති බවද වාර්තාවී ඇත .

කෙසේවෙතත් තමන්ට එල්ලවන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කර සිටී .