සෞඛ්‍ය නීති කඩන බස් රථවලට එරෙහි නීති දැඩිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ සේවකයින්ට එරෙහිව අද (04) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව, ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කර සිටී ..
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලිඛිතව දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව ආසනගත මගීන්ට වඩා වැඩි මගීන් ප්‍රවාහනය කරන බස් රථවල රියැදුරු සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දී තිබේ.

මීට අමතරව එලෙස මගීන් ප්‍රවාහනය කරන බස් රථ පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.