කොවිඩ්වලින් මෙරට දරුවන් 14 දෙනෙකු මියගිහින් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වාමෙරටින්  වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) අනාවරණය කළාය .

මෙලෙස කොවිඩ් ආසාදනයවු වයස 18ට අඩු දරුවන් දාහතර දෙනකු මියගොස් ඇතැයිද ඇය මෙහිදී  සඳහන් කළාය.

මෙසේ කොවිඩ් ආසාදනයවූ දරුවන් පිරිසට අවුරුදු 10 ට අඩු දරුවන් දහනම දහස් හය සිය අසූ අටක්ද (19,688) අවුරුදු 10ත්18ත් අතර දරුවන් විසි හය දහස් එකසිය හතළිස් තුනක්ද(26,143) ඇතුළත් වන බව වන්නිආරච්චි මහත්මිය කීවාය.

රටේ කොවිඩ් 19 ආසාදිත දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවද ඇය ප්‍රකාශ කළාය .

මේ අතර මියගොස් සිටි දරුවන් දාහතර දෙනා අතරේ වයස 0-5 අතර දරුවන් 7 දෙනෙකුද වයස 6-10 අතර දරුවන් තිදෙනෙකුද වයස 11-15 අතර දරුවන් දෙදෙනෙකුද වයස 16-18 අතර දරුවන් දෙදෙනෙකුද වන බව සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.