PCR – ඇන්ටිජන් පරීක්ෂණවවලට පාලන මිලක් එයි

Picture of අසංක

අසංක

කොවිඩ්-19 වෙරසය ආසාදිත බව තහවුරු කිරීමට සිදුකරන පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා ලබන සතිය වනවිට පාලන මිලක් නියම කිරීමට රජය තීරණය කරයි.

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික්ක 21 ක සිටින නිලධාරීන් විසින් PCR පරීක්ෂණ සිදු කරනු ලබන රෝහල් 45 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන රෝහල් 43ක් පරීක්ෂාවට ලක් කිරීමේදී එක් එක් රෝහල් විවිධ ගාස්තු අයකරන බව පෙනී ගිය බැවින් පාලන මිලක් පැනවීමේ අවශ්‍යතාව පෙනී ගිය බවය.

පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා රුපියල් 5000 ත් රුපියල් 9550 ත් අතර මුදලක් ද , ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2000 ත් රුපියල් 5900 දක්වා අතර මුදලක්ද අයකරන බව රාජ්‍ය ඇමතිවරයා කීය.