ඇෆ්ගනිස්තානයේ ඩොලර් බිලියන 1000 ක සම්පත් තලේබාන් සංවිධානය සතුවේවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇෆ්ගනිස්තානයේ  පාලනය සම්පූර්ණයෙන්ම තලේබාන් සංවිධානය සතුවුවහොත් එරට ඇති  ඇමරිකානු ඩොලර් බිලියන 1000 ක් පමණ වටිනාකමින් යුත් ස්වභාවික ඛණිජ සම්පත් සියල්ලද  ඔවුන් සතුවීමේ අවදානමක් ඇතැයි අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් අනතුරු අඟවා සිටී .

මෙම සම්පත්හි අයිතිය සහ පාලනය සම්පූර්ණයෙන්ම තලේබාන් සංවිධානය සතුවීම හරහා අතිවිශාල මුදලක් මුදල් ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා යෙදවීමට හැකියාව ලැබෙනු ඇති බවත් එමගින් ලෝකයේම ආරක්ෂාව අවදානමට ලක්වනු ඇති බවත් එම විශේෂඥයන් පෙන්වාදෙ ..

මීට වසර දහයකට පමණ පෙර ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානයේ සිදුකළ සමීක්ෂණයකදී එරට ස්වභාවික ඛණිජ සම්පත්වල අගය මෙසේ තක්සේරැ කර ඇති අතර,රන් රිදී ඇතුළු වටිනා සම්පත් රැසක් එරට සතු බව එහිදී අනාවරණය කරගෙන තිබෙ

දැනටත් තලේබාන් සංවිධානය බද්කස්තානය,හේරාට් ,හෙල්මාන්ඩ්,සහ බග්ලාන් යන ප්‍රාන්ත ආශ්‍රිතව නීති විරෝධී ලෙස රන් සහ රිදී ආකර පවත්වාගෙන යන අතර එය ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගයක්ද වේ.

ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය සතුවීම හරහා මෙම සම්පත් සම්පූර්ණයෙන්ම ඔවුන් සතුවී ඒවා නීත්‍යානුකූලවම අන්තවාදී ක්‍රියාකාරකම් සදහා යොදා ගැනීමට අවකාශය ඇති බවට විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වාදී ඇත ..

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක 223 ක පමණ බලය තලේබාන් සංවිධානය විසින් තහවුරැ කරගෙන ඇති අතර දිස්ත්‍රික්ක 111 ක බලය  සදහා ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සහ තලේබාන් සංවිධානය අතර දරැණු ගැටුම් පවතී .