වූහාන් නගරයේ  මිලියන 11ක ජනතාවගේ කොවිඩ් තත්වය සතියකින් පරික්ෂා කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

කොවිඩ් වෛරසයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරයේ  මිලියන 11කට අධික ජනතාව, සතියක් වැනි කෙටි කාලසීමාවක් තුල සම්පූර්ණයෙන්ම  කොවිඩ් පරීක්ෂාවට ලක්කර ඇති බව එරට මාධ්‍ය පෙන්වාදේ

එහිදී ආසාදිතයන් 37 දෙනෙකු සහ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 41 දෙනෙකු  හඳුනාගෙන ඇති බවත් එරට මාධ්‍ය පෙන්වාදෙ .

ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ඔස්සේ ඩෙල්ටා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට වෙර දරන චීනය වෛරස ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ අධි අවදානම් කලාප ලෙස ලැයිස්තුගත කර ඇත.

ඒ අනුව ආසාදිතයන් 300කට වඩා හඳුනාගෙන ඇති නැගෙනහිර චීනයේ  ජියැංසු පළාතේ යැංෂෝ නගරයේ තවත් ප්‍රදේශයක් එම ලැයිස්තුවට එක් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

මේ වනවිට චීනයේ පළාත් 4ක නගර 6ක ප්‍රදේශ 15ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බව සඳහන්ය.

‍පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ස්ථාන 2,800කට සෞඛ්‍ය සේවකයින් 28,000 කට අධික සංඛ්‍යාවක් යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

චීනයේ  ඩෙල්ටා ආසාදිතයන් මුල්වරට හඳුනාගත් නැන්ජිං නගරයේ මිලියන 9ක ජනතාව තෙවරක් කොවිඩ් පරීක්ෂාවට ලක්කිරීමටද එරට සෞඛ්‍ය අංශ කටයුතු කළහ