අන්තවාදයට සහය දෙන වව්නියාවේ මවුලවි, ඇමති රිෂාද්ගේ ලේකම්වරයෙක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සාධාරණීකරණය කරමින් ප්‍රකාශ නිකුත් කළ, අන්තවාදයට සහය දෙන වව්නියාවේ මවුලවිවරයා අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව තහවුරු වී තිබේ.

වව්නියාව පොලීසිය මේ බව සනාථ කළේය.

මොහු අන්තවාදී කල්ලි සමග සම්බන්ධකම් පවතින බවට ද අනාවරණය වී ඇත.

ඔහු මේ වනවිට වහාම අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන පවත්වයි.