IS ත්‍රස්තයන්ගේ මෙරට ශාඛාව ‘අල්-ගුරබා’- ආරක්ෂක විශේෂඥ රොහාන්

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අයිඑස් ත්‍රස්ත සංවිධානයේ ශ්‍රී ලංකාවේ ශාඛාව ‘අල්-ගුරබා’ කණ්ඩායම බව ජාත්‍යන්තර ආරක්ෂක සබදතා පිළිබද විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අයිඑස් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, මාලදිවයින, පිලිපීනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරගනිමින් තම ත්‍රස්ත සංවිධානයට ආධුනිකයන් බදවාගැනීමේ ජාලයක් වසර ගණනක් තිස්සේ පවත්වා ගෙන ආ බවයි.

එසේ සම්බන්ධතා ජාලයට එක්කරගෙන තිබුණ ද මේ වනතෙක් සැළකිය යුතු කාලයක් සිය ජාලය තුළ අයිඑස් ප්‍රහාර එල්ල නොකළ එකම ආසියානු රට ශ්‍රී ලංකාව බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

සිය ජාලය තුළ වසර ගණනක තිස්සේ ආධුනිකයන් බදවාගැනීම සිදුවුවද ප්‍රහාරයක් සිදුකිරීමට තරම් අවධානයක් යොමුකළ හැකි සබදතාවක් එම සංවිධානයට ලැබී ඇත්තේ සහ්රාන් හෂීම්ගෙන් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සිට කැඩී ගොස් අල්-ගුබාරා කණ්ඩායම ගොඩනගා අයිඑස් ත්‍රස්ත සංවිධානයේ මෙරට ශාඛාව ලෙස ඔහු පවත්වාගෙන ගිය බවට මහාචාර්යවරයා උපුටා දක්වමින් අරාබි පුවත් සේවය මේ බව පැවැසීය.

සහ්රාන් හෂීම් නිරන්තරයෙන් දකුණු ඉන්දියාවට ආ ගිය බවත් එහිදී අන්තවාදී අදහස් රෝපණය කිරීමේ අධ්‍යපනය ලැබූ බවට තොරතුරු ඇතැයි ද එහි පළවෙයි.