බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක්

Picture of අසංක

අසංක

බංග්ලාදේශය විසින් විදේශයකට දෙන පළමු ණය මුදල බව පැවසෙන ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 250ක ණය මුදලේ පළමු වාරිකය වන ඩොලර් මිලියන 50 ක් මේ සතියේ දී ලංකාවට ලබා දීමට පියවර ගෙන තිබේ.

විදේශ විනිමය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහය වීම උදෙසා ලබාදෙන මෙම ණය මුදල බංග්ලාදේශ බැංකුව (බීබී) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (සීබීඑස්එල්) පසුගිය 3 වැනිදා අත්සන් කළ මුදල් හුවමාරු ගිවිසුමට අනුව ලබා දේ.

දිවයිනේ ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින විදේශ සංචිත ඉහළ නැංවීමට සහ එහි විනිමය අනුපාතිකය මත පීඩනය අඩු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක මුදලක් ලබා දෙනු ඇත.

මෙම ණය මුදල අදියර තුනකින් ලබා දෙනු ඇත. ණය මුදලේ පළමු වාරිකය මේ සතියේ ලබා දෙන අතර ඉතිරි කොටස් දෙක සඳහා ඩොලර් මිලියන 100 බැගින් ඇතුළත් වේ.