මෙල්බර්න් භූ කම්පනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

A person walks past damage to the exterior of a restaurant following an earthquake in the Windsor suburb of Melbourne, Australia, September 22, 2021. AAP Image/James Ross via REUTERS ATTENTION EDITORS – THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY. NO RESALES. NO ARCHIVES. AUSTRALIA OUT. NEW ZEALAND OUT

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න්හි  භූමිකම්පාවක් ඊයේ (22) උදෑසන සිදුවී තිබේ.

භූ කම්පාවෙන් නගරය දෙදරුම් කමින් ගොඩනැගිලි සෙලවෙමින් බිත්ති කඩා වැටී තිබුණි.

භූමිකම්පාව මෙල්බර්න් නගරයට නැගෙනහිර දෙසින් එරට වේලාවෙන් පෙරවරු 9:00 ට (GMT 2300) පසුව සිදු වූ අතර එය කිලෝමීටර් සිය ගණනක් ඈතට දැනී ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් භූමිකම්පාවේ විශාලත්වය 5.8 ක් ලෙස සටහන් කර ඇති අතර පසුව එය 5.9 ක් දක්වා සංශෝධනය කර ඇත. එය කි.මී 10 ක් (සැතපුම් හයක්) ගැඹුරට බලපෑ බව පැවසීය.

මෙල්බර්න් චැපල් වීදිය වටා ඇති ජනප්‍රිය සාප්පු පෙදෙසේ ගොඩනැගිලි කසල සුන්බුන් බවට පත්වී ඇත.

මෙල්බර්න් හි ඔපන් කැෆේහි හිමිකරු වන සූම් ෆිම් (33) කියා සිටියේ ‘මුළු ගොඩනැගිල්ලම වෙව්ලන්නට වුණා. ජනේල, වීදුරුව වෙව්ලනවා – වෙව්ලන රැල්ලක් වගේ, මම මීට පෙර කවදාවත් එය අත්දැක නැහැ. එය ටිකක් බියජනක සිද්ධියක් වුණා.’ බවය.