හොර වැඩකට හොරෙන් ගෙනා රසායනික පොහොර තොගයක් දැලේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

රසායනික පොහොර තොගයක් වැඩි මිලට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරතුරකට අනුව මීගලෑව පොලිසිය පොහොර මිටි 530 ක් සමග සැකකරුවන් තිදෙනෙක් පෙරේදා(21) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගොවි සංවිධානවලට බෙදාහැරීමට බව සදහන් කරමින් කොළඹ සිට මෙම පොහොර තොගය මීගලෑවට රැගෙනවිත් ඇතැයි පොලීසිය සදහන් කරයි.

පොහොර මිටි 470ක් ලොරියකත් පොහොර මිටි 60ක් ට්‍රැක්ටරයකත් තීබී පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්නෑව, මහරගම සහ මීගලෑවේ පදිංචිකරුවන්ය.