ලෝකයේ පළමු DNA කොවිඩ් එන්නත අපනයනයට සූදානම් – නරේන්ද්‍ර මෝදී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව මේ වනවිට කොරෝනා රෝගයට එරෙහිව පළමු ඩීඑන්ඒ තාක්ෂණය සහිත වැක්සීනය නිපදවා ඇති බවත්  එය ලෝකයට අපනයනය කිරීමට සූදානම් බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී  මහතා ජගත් මහසමුළුව අමතමින් අවධාරණය කර සිටී .

කොරෝනාවේ ආරම්භය ගැන නිසි විමර්ශනයක් කල යුතුව ඇති බවද එක්සත් ජාතීන්ගේ මහසමුළුව අමතමින් ඉන්දීය අගමැතිවරයා පැවසීය ,
දුම්රිය ස්ථානයක තේ විකුණු කොලුවෙකු හතරවන වතාවටත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම පසුපස ඇති ශක්තිය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී  අවධාරණය කර සිටීයේය  .

කුඩා කොලුගැටයෙකු  ලෙස තේ වෙළෙදාමේ නිරත වූ සිය අතීතය සිහිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් භුමියක් ලෙසද  හදුන්වා දෙනු ලැබීය .

විවිධ ජාති,ආගම්, භාෂා ආදියට ගරැ කරමින් විවිධත්වයට ඉඩදීම ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය බව ඔහු එහිදී අවධාරණය කළේය .

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් ,සහ සුළුතර ප්‍රජාව දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඔවුන් ගලවා ගැනීම සදහා ලෝකයම මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත් අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී සදහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඇෆ්ගනිස්තාන භුමිය ලෝකයේ ත්‍රස්තවාදී ක්‍රියා පෝෂණය කිරීම සදහා යොදා ගැනීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

ඇතැම් රටවල් අන්තවාදී ක්‍රියාකාරකම් හරහා ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ නිරතවන බවටද අගමැති මෝදි මෙහිදී චෝදනා කළා.

අන්තර්ජාතික විශ්ලේෂකයන් සදහන් කරන්නේ අගමැති මෝදි මෙම චෝදනාව නැගුවේ පකිස්තානය ඉලක්ක කරගෙන බවයි.