රට විවෘතකල පසුත් රාත්‍රියට ඇඳිරි නීතිය !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔක්තෝම්බර් පළමු වනදා සිට රට සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අපේක්‍ෂා කළද රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට රජයේ අවධානය යොමුවී තිබෙ

ඒ අනුව බොහෝදුරට දිනපතා රාත්‍රී දහයේ සිට පසු දින අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරී නීතිය පැනවීමටයි නියමිතව ඇත

ඔක්තෝම්බර් පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කෙරෙන බව  සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය

ඒ අනුව විවාහ මංගල උත්සව සදහා දැඩි සීමා පැනවෙනු ඇත සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් එම උත්සව නිවෙස් තුළ පමණක් සිදු කිරීමට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

අවමංගල්‍ය උත්සව සදහා මෙන්ම ජනතාව සමූහ වශයෙන් එක් විය හැකි තවත් ක්‍රියාකාරකම් රැසක් වෙනුවෙන්ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හරහා දැඩි සීමා පැනවෙනු ඇත.