ආණ්ඩුවට මුදල් නැතැයි කරන ප්‍රකාශ පිළිගන්න බැහැ – ගුරු සංගම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිය වැටුප් ගැටළුව විසදීමට මෙම අවස්ථාවේ රජය සතුව මුදල් නොමැති බවට වගකිවයුත්තන් කිසිවෙකුත් මෙතෙක් තමන් වෙත ප්‍රකාශ කර නොමැති බව වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් පවසයි .

 ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ රජය සතුව මුදල් නොමැති බවට සිදුකරන ප්‍රකාශ ගුරු විදුහල්පතිවරුන් පිළිනොගන්නා බවය.

මේ, එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ ආණ්ඩුවට මුදල් නැතැයි තම සංගමය පිළිනොගන්නා බවයි .

පාසල් යළි ආරම්භ කිරීමට පෙර, වැටුප් ගැටළුවට විසදුමක් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බවද ඔහු  මෙහිදී ප්‍රකාශ  කළේය