වාහන ආනයන තහනම ලිහිල් කිරීමේ සූදානමක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි මහ බැංකුවේ  අවධානය යොමුවී ඇත.

රටට විදේශ විනිමය ගලාඒම සිදුවන ආකාරය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර  මෙම  තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  පැවසුවේය .

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ බව සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ අනෙකුත් ආනයනය සම්බන්ධ බොහෝ සීමා ද ඉදිරියේදී ලිහිල් වනු ඇති බවය.

එහෙත් මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම් අනුව එම ආනයන සම්බන්ධ සීමා වෙනස් වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

කඩිනමින් සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීමටයි රජයේ අවධානය යොමුවී ඇති බවද ඒ මහතා පැවසීය .

ඒ අනුව අපනයනය මූලික වූ කර්මාන්ත ද ඒ හරහා සුපුරුදු පරිදි ගමන් කිරීමට හැකි වනු ඇති බව සිය විශ්වාසය බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.