බිත්තර මිලත් ඉහළට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිෂ්පාදන වියදම පහත හෙළීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් බිත්තර මිල ඉහළ යෑම පාලනය කළ නොහැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මේ වන විටත් රුපියල් 22ක් වැනි මුදලකට බිත්තරයක් පාරිභෝගික ජනතාවට ලැබෙන අතර එය තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වාදෙයි.

කුලියාපිටිය ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

“බිත්තර මිල ඉහළ දාන්න ප්‍රධානම කාරණය අපි මේකට බඩඉරිඟු තමා මේ ආහාරයට සියයට 45ක් අපි පාවිච්චි කරන්නේ. ඒ බඩඉරිඟු කිලෝ එක මීට මාස 5 – 6කට ඉස්සර වෙලා රුපියල් 55ක් – 60ක් අතර තිබ්බේ. අද රුපියල් 100 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒත් පොඩි ගොවියාට බඩඉරිඟු අද හොයා ගන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා තියෙනවා. අනිත් එක අපි සියයට 20ක් පාවිච්චි කරනවා සෝයා. අද රුපියල් 185ක් වෙලා තියෙනවා. එතකොට අපි ඩීසීපී කියලා අපි පාවිච්චි කරනවා ඒක රුපියල් 85ක් වුණ එක රු 250ක් වෙලා තියෙනවා. අපි ගන්න අමුද්‍රව්‍ය සියයට 60ක් විතර පිටරටින් තමා අනායනය කරන්නේ. ඒවා සියයට 100ක් ගිහින්. ඇත්තටම බිත්තර මිල ගණන් ඉහළ යන්න හේතුව ඕක තමා.”