කංජිපානි හා මධූෂ්ගේ රහස් සැගවුණු ෆෝන් තොගයක් CIDයට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මාකදුරේ මධූෂ්ගේ හා කංජිපානි ඉම්රාන්ගේ රහස් සගවා ඇති ජංගුම දුරකතන 20කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

ඩුබායි සිට මධූෂ් රැගෙන ඒම සදහා ගිය පොලිස් විශේෂ කණ්ඩායම මධූෂ් ද සමගින් ඒම ජංගුම දුරකතන තොගය ද ගෙනැවිත් ඇත.

මධූෂ් මෙරටට ගෙන ආ පසුව ආගමන විගමන නිලධාරීන් පරීක්ෂණයක් සිදුකොට ඔහු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට භාරදී තිබේ.

මධූෂ් මෙරටට ගෙන ආ පසුව ගුවන් පථයේ පැති දොටුවෙන් පිටතට ගෙන කොළඹට රැගෙන ඒමට කටයුතු කළ බව ආරංචි මාර්ග පැවැසීය.