කොදෙව්වෝ අසම සම වාර්තාවක් තබයි (VIDEO)

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරිමට බටහිර ඉන්දීය කොදෙව්පිල ඊයේ (05) සමත් වුනා ඒ අයර්ලන්තය හා පැවති තරගයේදී.

එක්දින ක්‍රිකට් තරගයකදී ආරම්භක පිතිකරුවන් දෙදෙනක් රැස් කල ඉහළම ලකුණු ප්‍රමාණය රැස් කරමින් එම වාර්තාවට හිමිකම් කියන්න බටහිර ඉන්දීය කොදෙව්පිලේ ජොන් කැම්බල් හා ෂායි හෝප් සමත්වුනා ඒ ලකුණු 365ක් රැස්කරමින්.

මෙහෙදි ජෝන් කැම්බල් පන්දු 137කදී හයේ පහර 6ක් හා හතරේ පහර 15ක් සමගින් ලකුණු 179ක් රැස්කළ අතර හෝප් පන්දු 152කදී හතරේ පහර 22ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 170ක් රැස්කළේය.

ඔවුන් දෙදෙනා පන්දුවාර 47.2කදී ලකුණු 365ක් රැස්කර අතර පළමු කඩුල්ල ලෙස කැම්බල් දැවී ගියේය. එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී හෝප් දැවී ගියේය.

කොදෙව්වා නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 381ක් රැස්කළ අතර පිළිතුරු ලෙස අයර්ලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 185ක් පමණි.

YouTube player