අගමැති නියමයෙන් පොදු දේපලවලට කඩිනමින් වන්දි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දී ඊයේ (05දා) මීගමුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුවූ ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා කඩිනමින් වන්දි ගෙවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.