කොවිඩ් තුන්වැනි රැල්ලේදී ගැබිනි මවුන් 60ක් මියගිහින්

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

තුන්වන කොවිඩ් රැල්ලේ දී ගර්භණී මව්වරු 60 දෙනෙක් හා අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙක් මේ වන විට කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින්  විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය,මෙසේ පැවසීය

“ගර්භණී මව්වරුන් 60 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කොවිඩ් රෝගය නිසා. මේ සියලුම මරණ සිදුවුණේ කොවිඩ් තුන්වන රැල්ලෙන් පසුව. අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙක් කොවිඩ් රෝගය නිසා මරණයට පත්වෙලා තියෙනවා. ගර්භණී මව්වරුන්ට ත් බූස්ටර් මාත්‍රාව ලබාගන්න පුළුවන්. බූස්ටර් එන්නත ලබාගන්නේ කලින් සයිනොෆාම් හෝ වෙනත් එන්නත් දෙකක් ගර්භණී වීමට පෙර ලබාගෙන තියෙනවා නම් ඊළඟ ගර්භණී අවස්ථාවේ දී මේ මව්වරුන්ට ෆයිසර් බූස්ටර් මාත්‍රාවක් ලබාගෙන රෝගයෙන් ආරක්ෂා වීමට පුළුවන්.”