ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම යළිත් මහේලට

Picture of Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

2022 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක ඒ මහතාගේ පත්වීම වසරක කාලයක් සඳහා බල පැවැත්වෙනු ඇත.

ජයවර්ධන මහතාගේ නව පත්වීම යටතේ ජාතික පිරිමි කණ්ඩායම හැරුණු කොට සෙසු සියළුම ජාතික කණ්ඩායම් වල ක්‍රිකට් අංශය භාරව කටයුතු කරනු ඇත.

ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ, ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් කළමනාකරණය සඳහා වන සියලුම උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සඳහා වන සහයෝගය ජයවර්ධන මහතා ලබා දීමට නියමිතය.