යාපනයේ නැවත වැළිකොට්ට බංකර් හැදෙයි

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම
යාපනයේ සිට..

රටේ උද්ගතවු තත්ත්වය සමග යාපනය අර්ධද්වීපයේද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

ඒඅනුව යාපනයට ඇතුළුවන සියලුම වාහන පුර්ණ පරික්ෂාවකට ලක් කිරීම සදහා පියවර ගෙන ඇත.

ඊට යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ උපදෙස් පරීදි 51 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න නායකත්වය දී තිබේ.

යාපනය – මහනුවර ඒ -9 මාර්ගයේ මාර්ග බාධක රැසක් යොදා ඇත. යුද හමුදාව මෙන්ම පොලිසිය ඒවායේ රාජකාරි සදහා යොදවා ඇති අයුරු දක්නට ලැබේ.

වසර 10කට පසු නැවත යාපනයට ඇතුළුවන ස්ථානවල ආරක්ෂාව තර කිරීම සදහා යුද හමුදා වැලි කොට්ට යෙදු බංකර් තනන අයුරු සංගුප්පිඩි ප්‍රදේශයේදී නිරීක්ෂණය විය.