ඇමරිකාවේ උද්ධමනය 6.8%කින් ඉහළට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 40කට පසු ඇමරිකාවේ ඉහළම උද්ධමන අනුපාතය වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් ඉහළ යන බඩු මිල නිසා . ඇමරිකානු රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන ආකාරයට පසුගිය වසරක කාලය තුළ ඇමරිකාවේ බඩු මිල සියයට 6.8කින් පමණ වැඩි වී ඇත.

ඉන්ධන මිල, නිවාස කුලී, පරණ වාහන මිල ආදියද වේගයෙන් ඉහළ ගොස් තිබේ. පෙට්‍රල් මිල සියයට 6කින් පමණ ඉහළ ගොස් ඇත.

ඇතිව තිබෙන තත්ත්වය තුළ ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ උද්ධමනය පාලනය කිරීම සඳහා පියවර ගැනීම තමාගේ ප්‍රධාන ප්‍රමුඛතාවක් බවයි. සැපයුම් වැඩි කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් ඔහු අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.