වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ, අන්තර්ජාතික පර්යේෂණ සමුළුව හෙට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“නව සාමාන්‍ය තත්ත්වය යටතේ තාක්ෂණ ව්‍යවසායකත්වය සඳහා ඇති අවස්ථා පුළුල් කර ගැනීම “මැයෙන් වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් සංවිධාන කරනු ලබන අන්තර් ජාතික පර්යේෂණ සමුළුව මර්ගගත ක්‍රමය ඔස්සේ හෙට (14) දිනය පුරා පැවැත්වේ.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේ දී ප්‍රධාන දේශනය සිදු කරනු ලබන්නේ නවසීලන්තයේ මෙසී විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් රොටිමි මහතායි.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා සහ සමුළුවේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයලත් යන මහත්වරුන් ද මෙහි දී අදහස් දැක්වීමට නියමිතයි.