ලෝක කුසලානයට යන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආරක්ෂක නිලධාරින් දෙදෙනෙක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා පිටත්ව යන ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරින් දෙදෙනෙක් දැනට කණ්ඩායම සමග පිටත්වන බව ක්‍රිඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා අද (06) පැවැසීය.

ලෝක කුසලානයට මෙරටින් පිටත්ව යාමට පෙර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වු මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති හරින් ප්‍රනාන්දු මහතා මේ බව සදහන් කළේය.
අදාල නිලධාරින් දෙදෙනා සම්බන්ධීකරණය කරමින් ක්‍රිකට් පරිපාලනය කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ඇමැතිවරයා කියා සිටියේය.
එංගලන්තය මෙම තරගාවලිය අතරවාරයේ ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවනු ඇතැයි විශ්වාස කරන බවද හෙතම පැවැසීය.

ශ්‍රී ලංකාව ගැන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන අවිශ්වාසයෙන් කතා කරන කාලයකයි අපි විශ්වාසයෙන් ලෝක කුසලානයට යන්නෙ. අපි රටක් හැටියට, එකට පළමුව රට ගැන හිතන්න කියලයි මම ඉල්ලන්නෙ. අපිට අමාරු අවස්ථාවලයි එකට එකතුවෙන්න පුළුවන්.
ඒදා 1996 එල්.ටී.ටී.ඊ ය හිටියා, අද 2019 අයි.එස්.අයි.එස් කියලා සමාජ මාධ්‍යවල ගහලා තිබුණා. අපට එදා තත්ත්වයමයි තියෙන්නෙ. අපි එරටක් විධියට ශ්‍රි ලංකා කණ්ඩයාමට සුබ පතනවා යැයි හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.