හෙට සහ අනිද්දා විශේෂ පාර්ලිමේන්තු විවාදයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් හෙට (07) හා අනිද්දා (08) දෙදින තුල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව ආරක්ෂිත හේතු මත වසා දමා ඇති පාර්ලිමේන්තු මහජන ගැලරිය හෙට (07) සිට යළි විවෘත කිරීමට ද තීරණය කෙරුණි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) පස්වරුවේ පක්ෂ නායකයින්ගේ හා කාතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.