ජනවාරි 01 වනදා සිට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනවාරි 01 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සඳහා කටයුතු සම්පාදනය කරමින් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීම අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිලධාරීන්ට උපදෙස් දුන්නේ දෙසැම්බර් 31 වන දිනට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන් කරන ලෙසයි.

කොවිඩ් කාලසීමාවේදී සෞඛ්‍ය අංශ වෙත සම්පත් ලබාදීම පිළිබඳ විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි එම රැස්වීමට එක්වූ පළාත් පාලන ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ.