ඉදිරියේදී රජයට , අපහසු තීන්දු තීරණ ගන්න වේවි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී අපහසු තීන්දු කිහිපයකට එළඹීමට රජයට සිදුවන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටී .

තවදුරටත් විදෙස් ණය ගැනීමට ශ්‍රී ලංකා රජයේ බලාපොරොත්තුවක් නොතිබුණු නමුත් , රට තුල මතුව ඇති ආර්ථික ආර්බුදයන් හමුවේ ඉදිරියේදී අපහසු තීරණයන්ට එළැඹීමට රජයට සිදුවන බවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසීය .

කෙසේ වෙතත් කඩිනමින් මෙරට මුහුණදෙන ආර්ථික ගැටළුවලින් රට මුදවා ගැනීමට රජය  පියවර ගන්න බවත් , රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබගැනීම සඳහා මේ දක්වා කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොවූ බවද  අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය

Pandemic crisis expected to end in 3-6 months – Ramesh Pathirana