මේ වසරේ මත්ස්‍ය අපනයනය සරුයි -දැනටම ඩොලර් මි. 287ක් ගෙනල්ලා

Picture of අසංක

අසංක

මේ වසර අවසානය වනවිට මෙරට තුළ ටින්මාළු ආනයනය 68%කින් අඩුවී ඇතැයි ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වසර සඳහා ශ්‍රී ලංකාවෙ ධීවර අංශයේ අපනයන ආදායම ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟාවීමට ඉලක්ක කර ඇති බව නොවැම්බර් අවසානයේ සංඛ්‍යාලේඛන සටහන් වන බවයි.

මේ වසරේදී මෙරට මත්ස්‍ය අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 287 කි.

වෙළඳ ශේෂය ඩොලර් මිලියන 171 ක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටී.

මෙරට ඉස්සන් කර්මාන්තය 181% ක වර්ධනයක් සහිතව ඉහළම ලාභය ලබමින් සිටින බව දද ඔහු අවධාරණය කළේය.

ගෙවුණු වසර 10ක කාලය තුළ මෙරට මත්ස්‍ය ආනයනය හා අපනයයෙන් ඉපයූ ආදායම් පහත දැක්වේ.