2021 වසරේ මේ දක්වා ගෑස් ආශ්රිත අනතුරු 847ක් වාර්තා වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.
එම අනතුරුවලින් 797ක් ලිට්රෝ ගෑස් ලංකා සිලින්ඩර ආශ්‍රිතව වාර්තා වී ඇත. ලාෆ්ස් ගෑස් පීඑල්සී හි ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිද්ධීන් 50ක් වාර්තා වී ඇති බව ඔහු පැවසීය.
ගෑස් ආශ්රිත අනතුරු හේතුවෙන් මේ වසරේ පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇත.
විසින් 2021 වසරේ වාර්තා වූ ගෑස් ආශ්රිත අනතුරු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් ජනාධිපති කාර්යාලයේ අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
පොලිසියට අනුව 2020 වසරේ වාර්තා වී ඇත්තේ ගෑස් ආශ්රිත අනතුරු 31ක් පමණි.
නොවැම්බර් මාසයේදී අලෙවි වූ ගෑස් සිලින්ඩර මිලියන 2.8 න් ගැටළු වාර්තා කර ඇත්තේ 797 ක් පමණක් වන අතර එය 0.02% කි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වූ ගෑස් ආශ්රිත අනතුරු පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව පහත දැක්වේ.