කොළඹ, වායුගෝලයේ දූවිලි අංශු වැඩිවෙලා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි

එහි පරිසර අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ මෙම තත්ත්වය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවය

දැනට පවතින සුළං රටාවේ වෙනස්වීම් අනුව එම තත්ත්වය පැවතිය හැකි කාලය තීරණය වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

කෙසේ වෙතත් මෙම තත්වය සෞඛ්‍යයට හානිකර මට්ටමකට ළඟාවී නොමැති බවද ඒ මහතා පැවසීය