අසිරිමත් නත්තල අදයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදා විය.

ලොව පුරා කිතුණු බැතිමතුන් නත්තල් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීම සිදු කරන අතර  මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය රාගම, තේවත්ත බැසිකා දේවස්ථානයේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එමගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් සමිදානන්ගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුණු ජනතාවට පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැමදෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් බවය.

පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සැමරීමට සිදුව ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා දෙවසරකට ආසන්න කාලයක් රට පුරා පවතින කොවිඩ් වසංගත කාලය තුළ පුද්ගල වශයෙන්ද, සාමූහිකව ද, රටක් වශයෙන් ද අපගේ ආගම් විසින් පුහුණු කළ ආධ්‍යාත්මික පරිකල්පනය සහ විනය, වසංගතය පාලනය කර ගැනීමට මනා පිටිවහලක් වූ බව ජනාධිපතිවරයා පවසයි.