ප්‍රධානතම රාජ්‍ය ආයතන පහක් ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රධාන රාජ්‍ය ආයතන පහක් සඳහා රජයෙන් ලබාදෙන ආධාර අත්හිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත්වී ඇත .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යන රාජ්‍ය ආයතන පහ සඳහා මෙසේ රජයෙන් ලබාදෙන ආධාර අත්හිටුවන ලෙස රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ මණ්ඩලය යෝජනා කර ඇත

ඒ අනුව එම  එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයිද රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය රජයට යෝජනා කර ඇත.

මෙරට රාජ්‍ය ආයතන 527ක් පවතින අතර ඉන්  77ක් 2006 සිට 2020 දක්වා කාලය තුල  ලබා ඇති මුළු පාඩුව රුපියල් ත්‍රිලියන 1.2ක් බව වාර්තාවේ .

.