ආහාර කන්ටේනර් මුදා ගැනීමට සාකච්ජා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩොලර් හිඟය හේතුවෙන්  අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් වරාය තුළ සිරවී තිබීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයෙන් ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යංශයේදී අද (26) රාත්‍රී පැවැත්වීමට නියමිතය.
කන්ටේනර් නිදහස් කරගැනීමට ඩොලර් නිදහස් කරන ලෙස මහ බැංකුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට නැවත ඒ සඳහා මැදිහත් වන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වේ.