රමේෂ් වරල්ලෙගම
මුස්ලිම් පල්ලි සහ නිවාස පරික්ෂා කිරීමේදී සහ සෝදිසි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් සියලුම පොලිස් ස්ථාන සහ ත්‍රිවිධ හමුදාවට නිකුත් කර ඇත.
ඒ අනුව මුස්ලිම් පල්ලි හා නිවාස පරික්ෂා කිරීමට යාමේදී පොලිසිය හෝ ආරක්ෂක අංශ පිළිපැදිය යුතු ක්‍රියාවලියක් වේ.
අදාල ක්‍රියාවලිය අනුව මුස්ලිම් ආගමට හෝ ජනතාවට හිංසා වීම අවම කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.
මෙම පරික්ෂණ හා සෝදිසි ක්‍රියාවලියේදී අදාල පරීක්ෂණ කණ්ඩායම් විසින් ජංගම දුරකථන හෝ වෙනත් වීඩියෝකැමරා මගින් වීඩියෝ කිරීම, ඡායාරූප ගත කිරීම සපුරා තහනම්ය.
පදිංචිකරුවන්ගේ පෞද්ගලිකත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශ විනීතභාවයකින් මෙම පරික්ෂා කිරීම් සිදුකළ යුතුය.
වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිසිය හා ආරක්ෂක අංශ නිලධාරින් වෙනුවෙන් පමණක් නිකුත් කර තිබු ලිපිය මෙසේය.






