රුසියාව යුද්ධයකට ඇද දමන්න , ඇමෙරිකාව උත්සාහ කරනවා – පුටින්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාව යුද්ධයකට ඇද දැමීමට අමෙරිකාව උත්සහ දරමින් සිටින බවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ජාත්‍යන්තර මාධ්‍ය හරහා   චෝදනා කර සිටී .

යුක්රේනය පදනම් කර ගනිමින් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ රුසියාව අතර හටගෙන ඇති අර්බුදය පදනම් කර ගනිමින් රුසියානු ජනාධිපතිවරයා මෙම චෝදනාව සිදුකර ඇත .

යුක්රේන අර්බුදය පිළිබඳව බටහිර රටවල මැදිහත්වීම ගැන ,  රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සති ගණනාවකට පසුව ,  ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අමෙරිකාවේ ඉලක්කය වී ඇත්තේ රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීම බවත්, ඊට මුවාවී අමෙරිකාව ගැටුමකට මුල පුරමින් සිටින බවටත් රුසියානු ජනාධිපතිවරයා අමෙරිකාව වෙත චෝදනා එල්ල කර ඇත

එමෙන්ම යුරෝපා කලාපය තුළ නේටෝ සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රුසියාව දක්වන අවධානය අමෙරිකාව විසින් නොසලකා හැර ඇති බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේය .