ඉන්දීය ණය ගිවිසුමට අත්සන් තැබෙයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන අර්බුදයට සහන සැලසීමේ අරමුණින් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල් ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත.

ඉන්දියානු එක්සිම් බැංකුවේ නියෝජිතයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර එම අවස්ථාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ද එක්ව සිටියහ.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මේ සම්භන්ධයෙන්  ටිව්ටර් සටහනක්  තබමින් ප්‍රකාශ කර ඇත්තේ “අවැසි මොහොතක සිටින මිතුරා සැබෑම මිතුරෙකි!” යනුවෙනි.