කාත්තන්කුඩියේ පිපිරීම් මාලාවක් සැලසුම් කරලා – STF එකින් එක ගොඩගනියි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීම් මාලාවක් සිදුකිරීමට සහරාන් හාෂිම් ඇතුළු ජාතික තවුහීඩ් ජමාත් සංවිධානය විසින් සකස් කළ බෝම්බ සගවා තැබූ ස්ථාන රැසක් ගැන තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය හෙළිකරගෙන තිබේ.

ඒ අනුව කාත්තන්කුඩි මුහුදු වෙරළේ වළදමා තිබූ බෝම්බයක් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් මීට ටික වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් ගොඩගන්නා ලදී.

මේ වනවිට කාත්තන්කුඩි සුසාන භූමියේ වළදමා ඇති තවත් බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් ගොඩගනිමින් සිටියි.

මෙම බෝම්බ සියල්ල සකස් කර ඇත්තේ සහරාන්ගේ සොයුරා වන ඉම්රාන් නමැත්තා බවට හෙළිවී ඇත.

ඔහු විසින් බෝම්බ රැසක් 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදනය කර තිබේ.

ඒ එක් බෝම්බයක් කාත්තන්කුඩි නූරි පල්ලිය ආසන්නයේ බෝක්කුවක් යට අටවන විට එය පුපුරා ගොස් ඇත.

එයින් ඉම්රාන්ගේ මුහුණට හා අතකට බරපතළ ලෙස තුවාල සිදුවී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ඇගිලි අහිමිවී ඇති අතර එක් ඇසක් ද අහිමිවී තිබේ.

ඉන්පසුව ඔවුන්ගේ අනුගාමිකයන් විසින් බෝම්බ තැන් තැන්වල වළදමා ඇතැයි හෙළිවී ඇත.