කොළඹ මහලේකම් කාර්යාල දුම්රියපොළ වසාදමයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම්පොල ආරක්ෂක හේතූන් මත යළි දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා මේ වනවිට ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලීසිය යොදවා ඇති බවත් දිවයින පුරා පිහිටි අනෙකුත් දුම්රිය ස්ථානවලට සිවිල් ආරක්ෂක භටයින් සහ දුම්රිය ආරක්ෂක අංශ යොදවා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.