‘බය නැතුව ලංකාවට එන්න. රක්ෂණය අපෙන්’ – කිෂූගෙන් සංචාරකයන්ට ආරාධනා

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉදිරියේ දී සංචාරය සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන්ට රක්ෂණාවරණය මෙරටින් ලබාදීමට පියවර ගන්නා බව සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරට සංචාරය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් සිය රටවල ජනතාවට සංචාරක අනතුරු ඇඟවීම් කර ඇත.

ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්ට එම රටවලින් රක්ෂණාවරණය නොලැබේ.

මේ තත්ත්වය සැළකිල්ලට ගෙන රටේ ආරක්ෂක තත්ත්වය ද සමනය වී ඇති බැවින් විදෙස් සංචාරකයන්ට මෙරටින් රක්ෂණාවරණය ලබාදී වැඩි සංචාරක ආකර්ෂණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.