සංචාරක කර්මාන්ත‍යේ පිබිදීමක් – ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ජුනි මාසයේ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

රටේ ආරක්ෂක තත්ත්වය තුළ මතුව ඇති අර්බුදය හමුවේ කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා පූර්ණ සහය ලබාදෙන බව එක්සත් සංචාරක සංවිධාන නියෝජිත සම්මේලනය (UFTAA) පවසයි.

දිවයිනට පැමිණ සිටින එහි ප්‍රධානී සුනිල් කුමාර් මහතා සඳහන් කළේ ඒ සඳහා ශ්‍රී ලංකාවට කරනු ලබන සහදීමක් ලෙස රටවල් 30ක පමණ නියෝජිතයන් සහබාගී වන අධ්‍යක්ෂ මණ්ඩල මීළඟ රැස්වීම ජුනි මාසයේදී මෙරට පැවැත්වීමට තීරණය කළ බවයි.

එක්සත් සංචාරක සංවිධාන නියෝජිත සම්මේලනය ලොව පුරා රටවල් 70ක් සාමාජිකත්වය දරන ලෝ සුපතළ සංචාරක සංවිධාන ජාලයකි.