බෝම්බ ප්‍රහාරය ගැන රහස් පොලීසිය පොලිස්පතිගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ඉදිරි සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීමට නියමිතය.

ඒ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළව ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව කල්තබා බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ පිළිබඳ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මකයි.

නීතිපතිවරයාගේ උපදෙස් මත විමර්ශනය ආරම්භ කර තිබේ.

ඊට මුල්වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කරන ලද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අතුරු වාර්තාව ය.