මීගමුවේ එජාප හිටපු සංවිධායක හා නාගරික මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

එක්සත් ජාතික පක්ෂයේ මීගමුව හිටපු සංවිධායක සහ නාගරික මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු සහ මීගමුව නගර සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ චීන කාන්තාවක් විසින් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළවයි.

ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් කෝටි 20ක කප්පමක් ගැනීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් සැකපිට මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.

කප්පම් මුදල ඉල්ලා ඇත්තේ ව්‍යාපාරිකයාගේ චීන ජාතික බිරිඳගෙනි.

ව්‍යාපාරිකයාගේ පැහැරගැනීමට අදාළව එම චීන කාන්තාව විසි න් පැමිණිල්ල කර තිබුණි.

එම පැමිණිල්ලට අදාළව පැහැරගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් හෙළිවූ තොරතුරුවලට අනුව මෙම සැලැස්ම හා ආයුධ රොයිස්ගේ බව හෙළි වී තිබේ.

මීගමුව ප්‍රදේශයේ රන් ආභරණ අලෙවිසලක සිදුවූ කෝටි ගණනක මංකොල්ලයට අදාළව රොයිස් ප්‍රනාන්දු බන්ධනාගාරගතව සිට ඇප මත සිටින අයෙකි.