අඩු ආදායම්ලාභීන්ට අවුරුද්දට 5000ක්

Picture of අසංක

අසංක

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට අද පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ.

අද පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පවසා ඇත.

ඒ අනුව ලක්ෂ 31කට ආසන්න පිරිසකට මෙම රුපියල් 5000 දීමනාව හිමිවනු ඇත.