ශ්‍රී ලංකා – රුසියා ගුවන් ගමන් නවතී

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිය ගුවන් මෙහෙයුම් අත්හිටුවන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

ඒ අද සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු ය.

රුසියා -යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියාවට පනවා ඇති ගුවන් යානා රක්ෂණ සීමා සහ ජාත්‍යන්තර මූල්‍ය සීමා සිය සමාගමට ද ඝෘජු බලපෑම් එල්ල කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය කියාසිටි.

මෙම තීරණය හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් ද ගුවන් සමාගම සිය කනගාටුව ප්‍රකාශ කර සිටී.

කෙසේවෙතත් රුසියාවේ තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින බවත් තත්ත්වය යහපත් වූ පසු යළි මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සේවා මෙහෙයුම් අත්හිටුවීමට පෙර කොළඹ සහ මොස්කව් අතර සතිපතා ගුවන් ගමන්වාර දෙක බැගින් ක්‍රියාත්මක විය.